FAST NEWS

24×7 Around the Globe

පොලිස්පතිට හා හිටපු ආරක්ෂක ලේකම්ට එරෙහි පෙත්සමට දින තීන්දු වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පොලිස්පතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්ට එරෙහිව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම ලබන 31 ක් වනදා සිදුකිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (21) දින නියම කළේය.
මෙම පෙත්සම බුවනෙක අලුවිහාරේ, එල්ල.ටී.බී.දෙහිදෙනිය සහ ප්‍රීති පද්මන් සූරසේන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.
මහජනතාවගේ මූලික අයිතීන් කඩ කර ඇතැයි චෝදනා කරමින් සංචාරක කර්මාන්තයේ නිරත ව්‍යාපාරිකයෙකු වන ජනක් ශ්‍රී විදානගේ සහ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය දරුවන් දෙදෙනෙකුගේ පියෙකු වන සමන් නන්දන සිරිමාන්න යන අය විසින් මෙම පෙත්සම ගොනු කර තිබේ.
එසේ තිබියදී එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් වග උත්තරකරුවන් දණ්ඩ නීති සංග්‍රහය මෙන්ම අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් පොලිස්පතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා සිදුකර ඇති බව පෙත්සම්කරුවන් පෙන්වා දෙයි.