FAST NEWS

24×7 Around the Globe

ජනාධිපතිවරණය කැඳවීමේ ගැසට් පත්‍රය ඔක්තෝබර් මුල නිකුත් කෙරෙයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ජනාධිපතිවරණය කැඳවීමේ විශේෂ ගැසට් නිවේදනය මැතිවරණ කොමිසම මගින් ලබන ඔක්තෝබර් මස මුල් සතියේදී නිකුත් කිරීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග පවසයි.
ජනාධිපතිවරයා විසින් කලින් ජනාධිපතිවරණය කැඳවුවහොත් හැර නිල කාලය අවසන් වන්නේ නම් ජනාධිපතිවරණය කැඳවීමේ බලය මැතිවරණ කොමිසමට පැවරී ඇත.
ජනාධිපතිවරණ නීතිය අනුව ලබන නොවැම්බර් මස 09 වැනිදාත් දෙසැම්බර් මස 09 වැනිදාත් අතර සෙනසුරාදා දිනයකදී ජනාධිපතිවරණය පැවැත්විය යුතුය.
ජනාධිපතිවරණයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර සති පහත් හතත් ඇතුළත දිනයක් ඡන්ද විමසීමට තෝරා ගත යුතු වෙයි.
මේ අනුව නොවැම්බර් මස 30 වැනිදා හෝ දෙසැම්බර් මස 07 වැනිදා ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇත.