FAST NEWS

24×7 Around the Globe

රටම කම්පා කරමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට මාසයයි

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – මුළු රටක් කම්පාවට පත්කරමින් අප්‍රේල් 21 වන පාස්කු ඉරිදා මිලේච්ච ත‍්‍රස්ත ප‍්‍රහාරය එල්ල වී අදට (21) මාසයක් ගත වෙයි.
එහිදී කොළඹ තරු පන්තියේ හෝටල් 03 කට සහ දේවස්ථාන 03 කට ත‍්‍රස්තවාදීන් විසින් මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර එල්ල කරනු ලැබීය.
ජාතික තව්හිද් ජමාද් සංවිධානය මෙම ප‍්‍රහාරවලට සම්බන්ධ බවට පසුව සිදුකරනු ලැබූ විමර්ශණ වලදී තහවුරු විය.
මෙම අවාසනාවන්ත ප‍්‍රහාරයෙන් පුද්ගලයින් 253 දෙනෙකුට ජිවිත අහිමි වී 485 කට අධික පිරිසක් තුවාල ලැබූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප‍්‍රකාශ කළේය.
මෙම ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු ගතවු කාලය තුළ රට පුරා විශේෂ සෝදිසි මෙහෙයුම් මාලාවක් දියත් කෙරුණු අතර එහිදී ත‍්‍රස්ත ප‍්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් 89 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.