FAST NEWS

24×7 Around the Globe

මඩකලපුව ෂරියා විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් ආයතන 04 ක ප්‍රධානීන් අද (21) කොප් කමීටුවට..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – මඩකලපුව ෂරියා විශ්වවිද්‍යාලයට සම්බන්ධයෙන් රාජ්‍ය ආයතන 04 ක ප්‍රධානීන් අද (21) කෝප් කමිටුව හමුවට කැඳවා ඇති බව එම කමිටුවේ සභාපති සුනිල් හදුන්නෙත්ති මහතා ප්‍රකාශ කළේය.
ඒ අනුව අද (21) පස්වරු 2.30ට කෝප් කමිටුව රැස්වන බව එ මහතා පැවසීය.
අධ්‍යාපන අමාත්‍යාංශය, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීන් ඊට කැඳවා තිබේ.
අදාළ විශ්වවිද්‍යාලය ඉදිකිරීමට සම්බන්ධ මූලික කරුණු රාශියක් පිළිබද කමිටුව හමුවේ කරුණු විමසීමට නියමිත බවද පැවසේ.