FAST NEWS

24×7 Around the Globe

වෙසක් පොහොය සමයේ සිදුකළ සුරාබදු වැටලීම්වලින් 754ක් අත්අඩංගුවට..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වෙසක් සමය නිමිත්තෙන් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් දිවයින පුරා සිදුකළ වැටලීම්වලදී නීතිවිරෝධී ලෙස මත්පැන් සහ මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 754 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එහිදී රුපියල් ලක්ෂ 10 කට ආසන්න වටිනාකමකින් යුත් මත්පැන් සහ මත්ද්‍රව්‍ය ද සුරාබදු දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇත.
සැකකරුවන් 299 ක් නීතිවිරෝධී ලෙස මත්පැන් නිෂ්පාදනය කිරීම සහ එය ළඟ තබා ගැනීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන ඇති අතර , සැකකරුවන් 264 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ නීතිවිරෝධී ලෙස මත්පැන් අලෙවි කිරීම හේතුවෙන්.
ඊයේ දිනයේ මත්පැන් අලෙවි කළ නාවුල ප්‍රදේශයේ බීර අලෙවි මධ්‍යස්ථානයකට සුරාබදු දෙපාර්තමේන්තුව මුද්‍රා තබනු ලැබීය.