FAST NEWS

24×7 Around the Globe

අනිසි බියකින් තොරව හෙට(21) සිට සියලූම දරුවන් පාසල් වෙත යොමු කරන්න

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවයිනේ සියලුම පාසල්වලට ආරක්ෂාව ලබාදී ඇති බැවින් අනිසි බියකින් තොරව හෙට (21) සිට සියලූම දරුවන් පාසල් වෙත යොමු කරන ලෙස යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක දෙමාපියන්ගෙන් ඉල්ලීම් කරයි.
ඔහු මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරනු ලැබීය.
එහිදී, සියලුම පාසල් සඳහා ආරක්ෂාව සපයමින් ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ  ප්‍රමුඛතම කාර්යක් ලෙස සළකා ආරක්ෂාව  තහවුරු කිරිමට පියවර ගෙන ඇති නිසා අනියත  බියකින් තොරව දරුවන් පාසල් වෙත යැවීමට කටයුතු කරන ලෙසට සියලුම දෙමාපියන්ගෙන් යුද හමුදාපතිවරයා ඉල්ලීමක් කළේය.