FAST NEWS

24×7 Around the Globe

අවුරුදු 18 සම්පූර්ණ වූ විගසම ඡන්දය ප‍්‍රකාශ කළ හැකි ලෙස නීති සංශෝධනයක්..

  (ෆාස්ට් නිව්ස් | කොළඹ) – වයස අවුරුදු 18 සම්පූර්ණ වූ වහාම ඡන්ද හිමි නාම ලේඛනයට නම ඇතුළත් කිරීම සඳහා වන නව නීති සකස් කෙරෙමින් පවතින බව මැතිවරණ කොමිසම සදහන් කරයි.
1980 අංක 44 දරණ ඡන්ද හිමි ලියාපදිංචි පනතට සංශෝධනයක් ලෙස මෙම නව නීතිය ඇතුළත් කිරීමට සැලසුම්කර තිබේ.
දැනට පවතින නීතිය යටතේ වයස අවුරුදු 18 සම්පූර්ණ වුවද අදාළ වර්ෂයේ ඡන්ද හිමි නාම ලේඛනය සහතික වනතුරු මැතිවරණ සඳහා ඡන්දය ප‍්‍රකාශ කිරීමේ අවස්ථාව හිමි නොවන බව මැතිවරණ කොමිසම පෙන්වා දෙයි.