(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලෝක මීමැසි දිනය අදට යෙදී තිබේ.
ලොව මීමැස්සන් වඳ වී ගියහොත් ඉන් වසර කිහිපයක් ඇතුළත මිනිස් වාසයෙන් තොරවන බව විද්‍යාඥයින් අවධාරණය කරයි.
මී මැස්සන් ලොව පරිසර සමතුළිතතාවයට ඉතා සංවේදීවීම ඊට හේතුව බව ඔවුන් පෙන්වා දෙයි.
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් සෑම වසරකම මෙම දිනය සමරනු ලබන අතර , පසුගිය දශකය පුරා මීමැස්සන්ගේ ගහණය විශාල වශයෙන් පහළ ගොස් ඇති බව ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධාන පවසයි.
ලොව මීමැස්සන් වර්ග 07 කට අයත් වන අතර, මීමැස්සන් වර්ග 16,000 ක් සිටින බවට තොරතුරු වාර්තා වෙයි.
මීමැස්සන් ඇන්ටාක්ටිකාවේ හැර සියලුම මහද්වීපවල දක්නට ලැබේ.
මීපැමිණිවල නිසි පරිදි අසුරා තැබුවහොත්, වසර 3000ක් පමණ කාලයක් තබාගත හැකියාව පවතී.









