FAST NEWS

24×7 Around the Globe

හෙට (21) විපක්ෂයේ ජනතා නියෝජිතයින් දිවයින පුරා ඇති පාසල්වලට..

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – හෙට (21) දිනයේ විපක්ෂය නියෝජනය කරන සියලු ජනතා නියෝජිතයන් දෙමව්පියන් සහ ආදි ශිෂ්‍යයන් සමග දිවයින පුරා ඇති පාසල්වලට යන බව බන්දුල ගුණවර්ධන සහ සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරු ඊයේ (19) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
බියකින් හා සැකයකින් තොරව දරුවන් පාසලට යැවීම සඳහා විශ්වාසය ඇති කිරීම මෙහි අරමුණ වන බවත් ඔවුන් පැවසූහ.
මේ අනුව විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්, පළාත් සභා මන්ත‍්‍රීවරුන් සහ පළාත් පාලන නියෝජිතයන් ඇතුළු සෑම මට්ටමකම මන්ත‍්‍රීවරුන් හෙට පාසල්වලට යන බවත්, රටේ අනාගතය වන පාසල් දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වීමට ඉඩ දිය නොහැකි බැවින් මේ සදහා රජයට සහාය දීමට තීරණය කළ බවත් මෙහිදී කතා කළ ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කීවේය.
රජය පාසල් පටන් ගත්තද, බිය හා සැක නිසා පසුගිය මාසයක පමණ කාලයක් දරුවන් පාසල් නොයැවීමට දෙමව්පියන් කටයුතු කළ බවද, ත‍්‍රිවිධ හමුදාව සහ පොලිසිය ආරක්ෂාව තහවුරු කර ඇති නිසා එම විශ්වාසය තහවුරු කිරීමට මෙසේ විපක්ෂය මැදිහත්වන බවත් , මෙය අග්‍රාමාත්‍යවරයා ද අගය කළ බවත් බන්දුල ගුණවර්ධන මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් සදහන් කළේය.