FAST NEWS

24×7 Around the Globe

සේනා වසංගතයෙන් පීඩාවට පත්වූවන්ට තවමත් වන්දි මුදල් නැහැ..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සේනා වසංගතය හේතුවෙන් පීඩාවට පත් ඇතැම් ගොවීන්ට නිසියාකාරව වන්දි මුදල් ලබාදී නොමැති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය චෝදනා කරයි.
ඇතැම් ප්‍රදේශවල වන්දි මුදල් ලබාදීමේදී අක්‍රමිකතාවන් ද සිදුව ඇති බව එම සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න කියා සිටියේය.
සේනා දළඹු උවදුර සම්පූර්ණයෙන් මැඩපැවැත්වීමට හැකියාවක් නොමැති බැවින් පාලනය කිරීමේ ක්‍රමවේද සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව ඒ පිළිබඳව අදහස් දක්වමින් එම දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු ප්‍රකාශකර සිටියේය.