FAST NEWS

24×7 Around the Globe

හෙරොයින් සහ මත්පෙති සමග සැකකරුවන් 05ක් අත්අඩංගුවට..

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගොඩගම පිවිසුම අසලදී හෙරොයින් සහ මත්පෙති සමග සැකකරුවන් 05 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වෑන් රථයක ගමන් කරමින් සිටියදී සැකකරුවන් අත්අඩංගුවට ගත් අතර ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 02 යි මිලිග්‍රෑම් 630 ක් සහ මත්පෙති 02 ක් පොලිස් භාරයට ගෙන ඇත.
ඊයේ (19) සිදුකළ වැටලීමකදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවල, කරන්දෙණිය සහ හක්මන ප්‍රදේශවල සැකකරුවන් පිරිසක්.