(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 30 වසරක රුදුරු ත්රස්තවාදයෙන් මාතෘභූමිය නිදහස් කර ගැනීමේ විජයග්රහණයේ දස වන සැමරුම අද (19) පස්වරුවේ ජනාධිපති මෛත්රීපාල සිරිසේනගේ ප්රධානත්වයෙන් ශ්රී ජයවර්ධනපුර කෝට්ටේ රණවිරු ස්මාරකය අභියසදී පැවැත්විය.
මේ සදහා අග්රාමාත්ය රනිල් වික්රමසිංහ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඇතුළු ආරාධිත අමුත්තන් ද සහභාගී විය.
පළමුව ජනාධිපති මෛත්රීපාල සිරිසේන විසින් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වනු ලැබූ අතර, ඉන් අනතුරුව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ, කථානායක කරු ජයසූරිය, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, ත්රිවිධ හමුදාපතිවරුන්, වැඩබලන පොලිස්පතිවරයා, මෙන්ම යුද්ධය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ගේ බිරින්දෑවරුන්, මව්වරුන්, පියවරුන් ඇතුළු ඥාතීන් මෙන්ම පැමිණ සිටි අමුත්තන් පුෂ්පෝපහාර දක්වනු ලැබීය.
පාස්කු ඉරිදා ප්රහාරයට සම්බන්ධ අන්තවාදී ත්රස්තවාදය අවසන් කිරීමට ත්රිවිධ හමුදාවට, විශේෂයෙන් බුද්ධි අංශයට හැකියාවක් ඇති බවත් , රට තුළ ස්ථීර සාමය ඇති කිරීම රජයේ වගකීමක් බවයිත් ජනාධිපතිවරයා වැඩිදුරටත් එහිදී අදහස් දැක්වීය.