FAST NEWS

24×7 Around the Globe

උප්පුවේලි ප්‍රදේශයේ පිස්තෝලයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට.

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – උප්පුවේලි මංගායුත්තු ප්‍රදේශයේදී විදේශ රටක නිෂ්පාදිත බ්‍රවුනින් වර්ගයේ පිස්තෝලයක් සහ උණ්ඩ 8ක් ළඟ තබාගෙන සිටි සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස 41 වූ ත්‍රිකුණාමලයේ පදිංචිකරුවෙක් වන අතර මේ සම්බන්ධයෙන් උප්පුවෙලි පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.