FAST NEWS

24×7 Around the Globe

සීඝ්‍රගාමි දුම්රිය සියල්ල කැලණියේ නවතියි.

 

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – වෙසක් පොහොය දින නිමිත්තෙන් සීඝ්‍රගාමි දුම්රිය සියල්ල අද (18) කැලණිය දුම්රිය ස්ථානයේ නැවැත්විමට පියවර ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

වෙසක් පොහොය නිමිත්තෙන් විශේෂ දුම්රිය සේවාවන් නොමැති බවත් රටේ පවතින වත්මන් තත්ත්වය හේතුවෙන් දුම්රිය සේවාවන් බොහොමයක් අවලංගු කර ඇති බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

දුම්රිය දෙපාර්තමේන්තුව පවසා සිටියේ මෙවර වෙසක් පොහොය සදහා වීශාල පිරිසක් බලාපොරොතු විය නොහැකි බවයි.