FAST NEWS

24×7 Around the Globe

දළදා මාලිගාවට පැමිණෙන ජනතාව වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්.

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – දළදා මාලිගාවට පැමිණෙන ජනතාව වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව මහනුවර දළදා මාලිගයේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑලබණ්ඩාර මහතා පවසයි.

දියවඩන නිළමේතුමා පැවසුවේ ලාංකීය ථේරවාදී බෞද්ධ ජනතාවට වෙසක් පොහොය සුවිශේෂී වන්නේ ශ්‍රී ලංකාව, බුදුන් අනුගමනය කරන රටක් වශයෙන් හදුන්වන නිසා බවයි.

තවද ,අනෙකුත් රටවලටත් ආදර්ශයක් වන ලෙස අප කටයුතු කළ යුතු අතර මේ වසරේදී වෛරය සහ ක්‍රෝධය තුරන් කර ලොවටම ආදර්ශමත්ව කටයුතු කළ යුතු බව, ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේය.