FAST NEWS

24×7 Around the Globe

ජාති, ආගම් වශයෙන් බෙදී වෙන් වී විනාශය වැළඳ ගැනීම වෙනුවට, එකිනෙකාගේ සංස්කෘතික විවිධත්වයට ගරු කරමින් මිනිසුන් ලෙස සාමයෙන් එක්ව කටයුතු කිරීම යුගයේ අවශ්‍යතාවක් – අග්‍රාමාත්‍ය

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – පොදු ජන ජීවිත සුරක්ෂිත කිරීමේ අරමුණින්, විශාල වශයෙන් ජනතාව රැස් වන ආමිස පූජාවන්ගෙන් බැහැර වන්නට සිදු වුව ද, බුදු දහමේ උත්තරීතර වටිනාකම් මත පදනම්ව ප්‍රතිපත්ති පූජාවෙන් සමාජ නවෝදයක් උදෙසා කටයුතු කරන්නට මේ වෙසක් සමයේ එක්සත්ව කටයුතු කිරීම අතිශය වැදගත් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙසක් දින පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.

මෙවර වෙසක් පුන් පොහෝ දින එළඹෙන්නේ අනපේක්ෂිත ත්‍රස්ත ප්‍රහාරයකින් නිසා ශ්‍රී ලංකා සමාජය කැළඹීමට, බියට සහ වේදනාවට පත්ව සිටින අවිනිශ්චිත අවස්ථාවකය. එබැවින් ජාති, ආගම් වශයෙන් බෙදී වෙන් වී විනාශය වැළඳ ගැනීම වෙනුවට, එකිනෙකාගේ සංස්කෘතික විවිධත්වයට ගරු කරමින් මිනිසුන් ලෙස සාමයෙන් එක්ව කටයුතු කිරීම යුගයේ අවශ්‍යතාවක් වන බව අග්‍රාමාත්‍යවරයා එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කළේය.