FAST NEWS

24×7 Around the Globe

-යාපනය ‍නල්ලූර් කෝවිල අවට ආරක්ෂාව තර කෙරේ..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) -යාපනය ‍නල්ලූර් කෝවිලට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බවට උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය වෙත ලද නිර්නාමික ලිපියක් හේතුවෙන් අද(17) එම කෝවිල අවට ප්‍රදේශය වෙත දැඩි ආරක්ෂාවක් යෙදවූ බව යාපනය ආරක්ෂක අංශ කියයි.
ඒ අනුව ත්‍රිවිධ හමුදාව, පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් යොදාගෙන කෝවිල අවට ආරක්ෂාව තරකර විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබේ.
යාපනය නල්ලූර් කෝවිලේ පූජාවන් වෙනුවෙන් සිකුරාදා දිනයේ විශාල පිරිසක් පැමිණෙන බැවින් අදාළ ප්‍රදේශයේ ආරක්ෂාව දැඩි කර ඇති බවද ආරක්ෂක අංශ කීය.
ආරක්ෂක තත්වය හේතුවෙන් යාපනය පේදුරුතුඩුව මාර්ගය කෝවිල සීමාවෙන් වසා දමා ඇති බවද ආරක්ෂක අංශ පවසයි.
ලැබී තිබූ නිර්නාමික ලිපිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය විමර්ශන පවත්වන බවද පැවසේ.