FAST NEWS

24×7 Around the Globe

තඹ කර්මාන්ත ශාලාවේ සිද්ධියේ 10 වන සැකකරු යළි රිමාන්ඩ්..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – පාස්කු ඉරිදා ප්‍රහාරය තඹ කර්මාන්ත ශාලාවේ සිද්ධියට අදාළ 10 වන සැකකරු වූ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි කරුපයියා රාංකේන්ජන් හෙවත් අබ්දුල්ලා නමැත්තා ලබන 30 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද(17) නියෝග කළේය.

මෙම සැකකරු ෂැංග්‍රිලා බෝම්බකරු සමඟ සමීප සම්බන්ධතා පවත්වා ඇති බවත්, ඔහුගේ රුපියල් ලක්ෂ 25ක චෙක්පත් මෙම සැකකරු බාරයේ තිබී අත්අඩංගුවට ගත් බවද පොලිසිය අධිකරණය වෙත දැනුම් දුන්නේය.