FAST NEWS

24×7 Around the Globe

දෛනිකව සංචාරකයන්ගේ පැමිණීම 1700 දක්වා අඩුවෙයි…

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) –  දිවයිනට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු දෛනිකව පැමිණෙන විදෙස් සංචාරකයන්ගේ ප්‍රමාණය 1700 දක්වා අඩුවී ඇති බව සංචාරක මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් උපාලි රත්නායක මහතා සදහන් කළේය.
පසුගිය වසරවලදී මැයි, ජුනි මාසවල සංචාරකයන් 5000 – 5500 ක් අතර ප්‍රමාණයක් දිවයිනට පැමිණ තිබෙන බවත් ඔහු පැවසීය.
මේ දිනවල වැඩි වශයෙන් ඉන්දියානුවන් හා චීන ජාතිකයන් දිවයිනේ සංචාරය සදහා පැමිණෙන අතර , ඔවුන් රට තුළ රැඳී සිටින කාලය අඩු වී තිබේ.