FAST NEWS

24×7 Around the Globe

නීතිවිරෝධී පුපුරන ද්‍රව්‍ය ළග තබා සිටින්නන්ට 20 න් පසු වැඩ වරදී…

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – බලපත්‍ර නොමැතිව පුපුරන ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටින්නන්ට ඒවා යළි භාරදිමට මෙම 20 වනදා අලුයම 6.00 තෙක් දිර්ඝ කිරිමට ‍පොලීසිය පියවර ගනු ලැබූ අතර , නීතිවිරෝධි අයුරින් පුපුරන ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටින පුද්ගලයින් සොයා ලබන 20 දායින් පසු දිවයින පුරා අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
ඉන්පසු දිවයින පුරා සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර පුපුරන ද්‍රව්‍ය ළඟ තබා ගෙන සිටින්නන් අත්අඩංගුවට ගැනීමට ‍පොලීසිය ක්‍රියා කරනු ඇත.