FAST NEWS

24×7 Around the Globe

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙ හා මාරපන අතර හමුවක්..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  ඇමෙරිකා එක්සත් ජනපදයේ නිල සංචාරයක නිරත වී සිටින විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා හා ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ මහතා අතර හමුවක් සිදුවු බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ඇමෙරිකානු ජාතිකයන් පස්දෙනකු ඇතුළු 250කට වැඩි පිරිසකට මරු කැඳවමින් පාස්කු ඉරිදා (අප්‍රේල් 21) එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හෙළා දකින බව ද ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙම හමුවේදි සඳහන් කර තිබේ.

ඒ අනුව ත්‍රස්තවාදයට එරෙහිව ශ්‍රී ලංකාව ගෙන යන සටනට ඇමෙරිකාව පූර්ණ සහයෝගය පළ කරන බව හෙතෙම වැඩි දුරටත් පවසා තිබේ.

වගවීම, යුක්තිය සහ ප්‍රතිසන්ධානය පිළිබඳව ශ්‍රී ලංකාවේ ඇති අලුත් කැපවීමද පසසන බව ද හෙතෙම විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතාට තවදුරටත් පවසා ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.