FAST NEWS

24×7 Around the Globe

නීතිඥවරුන් 217 ක් මහා සභා රැස්වීමක් කැඳවන්නැයි ඉල්ලයි…

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවයිනේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විශේෂ මහා සභා රැස්වීමක් කැඳවන්නැයි ඉල්ලා නීතිඥවරුන් 217 දෙනෙකුගේ අත්සනින් යුත් යෝජනාවක් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් නීතිඥ කෞශල්‍ය නවරත්න වෙත භාරදී ඇත.
එම ලිපිය සඳුඳා දිනයේ පැවැත්වෙන විධායක සභා රැස්වීමට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ඒ සමතා පැවසීය.
මේ අතර, රට තුළ උද්ගතව පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා දැනට විසුරුවා ඇති දකුණු පළාත් සභාවේ විශේෂ රැස්වීමක් ලබන 21 වැනිදා කැඳවා තිබේ.