FAST NEWS

24×7 Around the Globe

මොරටුව – කටුබැද්ද විහාරස්ථානයක ගින්නක්…

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – මොරටුව – කටුබැද්ද ශ්‍රී ඥානවිමලාරාම විහාරස්ථානයේ තෙමහල් ගොඩනැගිල්ලක අද (17) පෙරවරුවේ ගින්නක් හටගෙන තිබෙන අතර , මොරටුව පොලීසිය සහ ගිනි නිවීමේ නිලධාරීන් එක්ව එය නිවා දැමීමට කටයුතු කළ බව පොලිසිය සදහන් කරයි.
ගින්න හේතුවෙන් එම ගොඩනැගිල්ලට දැඩි හානි සිදුව ඇත.
විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගෙන ඇති බවට විමර්ශනවලදී අනාවරණ වී තිබේ.