FAST NEWS

24×7 Around the Globe

අවම ඉසෙඩ් ලකුණූ ලබන මස අවසානයේ එයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  2019/2020 අධ්‍යන වර්ෂය සඳහා රජයේ විශ්වවිද්‍යාල සඳහා සිසුන් ඇතුළත් කිරිමේ අවම ඉසෙඩ් ලකුණූ ලබන මස (ජුනි)  අවසානයේ නිකුත් කරන බව විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව පවසයි.
පසුගිය 2018 අගොස්තු මස පැවති උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට අදාළව නිකුත් කෙරෙන මෙම ඉසෙඩ් අගය අනුව විශ්වවිද්‍යාල සඳහා සිසුන් තිස්දහසක් පමණ ඇතුළත් කර ගැනිමට නියමීත බව විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව පවසයි.
ඒ අනුව මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් හැත්තෑපන්දහසක් ලැබි ඇති බවත් එම කොමිසම කියයි.