FAST NEWS

24×7 Around the Globe

ලුණුගම්වෙහෙර දෙපිරිසක් අතර සිදුවූ ආරවුලකින් වෙඩි තැබීමක්…

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලුණුගම්වෙහෙර – බෙරලිහෙල ප්‍රදේශයේදී දෙපිරිසක් අතර සිදුවූ ආරවුලකින් අනතුරුව සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඔවුන් දෙබරවැව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව හම්බන්තොට මහ රෝහලට මාරු කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය. 
ජීවිතක්ෂයට පත්වූ තැනැත්තා ඊයේ (16) මත්පැන් සාදයක් පවත්වා ඇති අතර , ඇති වූ ආරවුලකින් පසු එම ස්ථානයෙන් කිහිප දෙනෙකු පිටව ගොස් පසුව ඔවුන් යළි පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට පොලීසිය සැක කරයි.
මිය ගොස් ඇත්තේ තිස්සමහාරාම – ඇල්ලගල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ ක්‍රියාත්මකයි.