FAST NEWS

24×7 Around the Globe

මධුෂ්ගේ ආයුධ වැලිවේරියෙන් සොයා ගැනේ..

(ෆාස්ට් නිව්ස් –  කොළඹ)  – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ රඳවා සිටින මාකඳුරේ මධුෂ් සඟවා තිබූ බව කියන අවි ආයුධ කිහිපයක් ගම්පහ වැලිවේරිය ප්‍රදේශයේදී ඊයේ (16) සොයා ගත් බව පොලිස් ආරංචි මාර්ග කියයි.
සැකකාර මධුෂ්ගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ මෙම තොරතුරු අනාවරණ වි තිබේ
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විශේෂ කාණ්ඩායමක් මෙම ආයුධ සොයා වැලිවේරිය ප්‍රදේශයට ගිය බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.