FAST NEWS

24×7 Around the Globe

සතොස ගැන ප්‍රවෘත්තිය අසත්‍යක් – සතොස සමාන්‍යාධිකාරී (වැ.බ)

(ෆාස්ට් නිව්ස් – කොළඹ)  – 2019.05.15 වන දින යම් යම් රූපවාහිනී නාලිකාවල විකාශය වූ සමූපකාර තොග වෙළද සංස්ථාව (සතොස) සම්බන්ධ ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන් අසත්‍යයක් වන බැවින් එය තරයේ ප්‍රතික්ෂේප කරන බවට සමුපකාර තොග වෙළද සංස්ථාවේ සාමාන්‍යාධිකාරී (වැ.බ) විපුල කිත්සිරි සිල්වා නිවේදනයක් නිකුත් කරමීන් සඳහන් කර තිබේ.
ඒ අනුව 08 වන (සතොස) මහලේ හෝ වෙනත් කිසිදු ස්ථානයක රහස් කාමරයක් නොමැති බව වගකීමෙන් ප්‍රකාශ කර සිටින බව සාමාන්‍යාධිකාරීවරයා (වැ.බ) සිය නිවේදනයෙන් පෙන්වා දී තිබේ.
හිටපු සියලුම අමාත්‍යවරු විසින් පවත්වාගෙන යනු ලැබූ 08 වන මහලේ පිහිටි කාර්යාලයම වත්මන් අමාත්‍යවරයා විසින්ද රාජකාරී කටයුතු සදහා භාවිතා කරනු ලබන අතර නිලධාරින්ගේ රැස්වීම් සදහාද මෙම ස්ථානයම භාවිතා කරන බවත් එම නිවේදනයෙහි සඳහන් වෙයි.
නිවේදනය පහතින්…