FAST NEWS

24×7 Around the Globe

අද (16) ඇදිරි නීතිය නැහැ – පොලිසිය..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ වන විට රට තුළ පවතින සාමකාමී වාතාවරණය හේතුවෙන් අද (16) දිවයිනේ කිසිදු ප්‍රදේශයක පොලිස් ඇදිරි නීතිය පැනවීමක් සිදුනොකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සදහන් කර සිටියේය.
අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කර සිටි අතර වයඹ පළාතේ සහ ගම්පහ කොට්ඨාශයේ කිසිදු ප්‍රචණ්ඩකාරී සිද්ධියක් වාර්තා වී නොමැති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.