FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාවේ නොසන්සුන්කාරී තත්ත්වයන් සම්බන්ධයෙන් යුරෝපා සංගමයෙන් නිවේදනයක්..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  ඉකුත් දින කිහිපයේදී ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක ශ්‍රී ලංකාවේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයන් සම්බන්ධයෙන් යුරෝපා සංගමය ඇතුළු යුරෝපයේ රටවල්වල අවධානය යොමුව ඇති බව යුරෝපා සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳන් කර තිබේ.
එම සිදුවීම්වලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ප්‍රසාදය පළ කර තිබේ.
එසේම ශ්‍රී ලංකාවේ නීතිය හා සාමය ස්ථාපිත කරන ලෙස සඳහන් කරන බවත් එම නිවේදනයේ සඳහන්.
මේ සඳහා පැහැදිලි නායකත්වයක් හා වෛරය හා ප්‍රචණ්ඩත්වය සමූහ වශයෙන් ප්‍රතික්ෂේප කිරිමක් අවශ්‍ය බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.