FAST NEWS

24×7 Around the Globe

යාපනය ශිෂ්‍ය ක්‍රියාකාරීන්ට ඇප..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – පසුගියදා යාපනය විශ්ව විද්‍යාල පරිශ්‍රයේ සිදුකළ හදිසි සෝදිසි කිරීමකදී එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායකයින් දෙදෙනෙකුගේ ජායාරූප ළඟ තබාගැනීමේ වරදට හදිසි නීතිය යටතේ අත්අඩංගුවට ගත් යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය ක්‍රියාකාරින් ඇප මත අද(16) නිදහස් කිරීමට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළ බව වාර්තා වේ.
එක් සිසුවෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප මත හා සෑම ඉරු දිනකම යාපනය කෝපායි ‍පොලීසියේ පෙනී සිටින ලෙස නියෝග ලබාදීම මත ඇප ලබාදී ඇති බවද ආරක්ෂක අංශ පැවසූහ.