FAST NEWS

24×7 Around the Globe

බැටික්ලෝ කැම්පස් ශ්‍රී ලංකා ගැන කොප් විමර්ශනයක්..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – බැටික්ලෝ කැම්පස් ශ්‍රී ලංකා නමින් මඩකලපුවේ ඉදිවන විශ්වවිද්‍යාලය පිළිබඳව පරීක්ෂණයක් සිදු කිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව තීරණය කර ඇති බව එහි සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.
ඒ අනුව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, වෘත්තීය පුහුණු අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යන අයතනයන්හි නිලධාරීන් ලබන 21 වැනිදා කමිටුව හමුවට කැඳවා තිබේ.