FAST NEWS

24×7 Around the Globe

වෙසක් පෝයට සුරාසැල් දින 04 ක් වසා තැබෙයි…

 (ෆාස්ට් නිව්ස් |කොළඹ) – වෙසක් උත්සවය හේතුවෙන් දිවයිනේ සියලුම සුරාසැල් දින 04 ක කාලයක් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කළේය.
ඒ අනුව ලබන 17 වනදා සිට 20 වනදා දක්වා සියලුම සුරාසැල් වසා තැබෙන බවයි එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ පැවසීය.