FAST NEWS

24×7 Around the Globe

කැකිරාවේ රිය අනතුරකින් තිදෙනෙක් ජීවිතක්ෂයට…

 (ෆාස්ට් නිව්ස් |කොළඹ) – කැකිරාව මඩඇටිගම ප්‍රදේශයේදී ලොරි රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් තිදෙනෙකු මියගොස් තවත් පස් දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය සදහන් කරයි.
අනතුරින් මියගොස් ඇත්තේ වැන් රථයේ පැමිණි පිරිස බවත් ඒ අතර කාන්තාවන් දෙදෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයෙක් සිටින බවද වාර්තා වේ.
මෙම පිරිස මාතලේ ප්‍රදේශයේ පදිංචි කරුවන් බවත් වාර්තා වෙයි.
සිද්ධිය පිළිබසව විමර්ශන ක්‍රියාත්මකයි.