FAST NEWS

24×7 Around the Globe

20 වැනිදා රජයේ නිවාඩු දිනයක් ලෙස නම් කෙරේ..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – වෙසක් පොහොය දිනය සෙනසුරාදා (18) දින යෙදී තිබීමත් පොහොයට පසු දින නිවාඩු දිනය (19) ඉරිදා දිනයක් වීමත් හේතුවෙන් මැයි මස 20 වැනි සඳුදා දින රජයේ නිවාඩු දිනයක් කරන බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මෙය තීරණය කළ බව හෙතෙම කියයි.
ජාතික වෙසක් උත්සවයට සමගාමීව සියලුම බෞද්ධ විහාරස්ථාන ඇතුළු රටපුරා පැවැත්වෙන වෙසක් උත්සව වඩාත් සාර්ථකව පවත්වාගෙන යාමේ අවස්ථාව ලබාදීම සඳහා රජය විසින් මෙම තීරණය ගෙන ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.