රගර් ක්‍රීඩක මෙහොමඩ් වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් ප්‍රථම පශ්චාත් මරණ පරික්ෂණය පවත්වද්දී වත්මන් අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් තෙන්නකෝන් එම පරීක්ෂණය පැවැත්වූ වෛද්‍යවරුනට තර්ජනය කර බලපෑම් කළැයි කොළඹ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී මහාචාර්ය ආනන්ද සමරසේකර කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතාට ලිපියක් මගින් අද (3) පැමිණිලි කළේය.
තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් ඔහුගෙන් අපක්ෂපාතී දෙවැනි පශ්චාත් මරණ පරික්ෂණයක් බලාපොරොත්තු විය නොහැකි බවද එම ලිපියේ සඳහන්වේ.
ඔහු කියනුයේ අතිරේක අධිකරණ වෛද්‍ය නිලධරයන්ද සමග 2012 මාර්තු 17 වැනිදා තාජුඩීන්ගේ සිරුර කපා පිළිස්සූ බවයි. තම නිගමන මූලික වාර්තාවකින් අධිකරණයට ඉදිරිපත් කළ බවද ඔහු කියයි.
දෙවැනි පශ්චාත් මරණ පරික්ෂණය ඇරඹීමත් සමග තමා පැවැත්වූ පශ්චාත් මරණ පරීක්ෂණය ගැන රහස් පොලිසිය තමන් කැඳවා කටඋත්තර ගත් බවද ඔහු කියයි.
එම ප්‍රශ්න කිරීම්වලදී රහස් පරීක්ෂකයන් ඇසූ ප්‍රශ්නවලට පරීක්ෂණවලින් හා මුල් වාර්තා පිරික්සීමෙන් පසුව උත්තර දිය යුතු බවද ඔහු අධිකරණයට දන්වා ඇත. එහෙයින් අධිකරණයටද පිටපත් සහිතව තමාට ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කරන ලෙස රහස් පොලිසිය දැන්වූ බවත් රහස් පොලිසිය එය ප්‍රතික්ෂේප කළ බවත් ඔහුගේ ලිපියේ සඳහන්වේ.
2013 ජූනි 3 වැනිදා තමා විශ්‍රාම යද්දී තමන් ලියාගත් වාර්තාවල මුල් පිටපත් රැගෙන ගිය බවත් සෙසු වාර්තා කාර්යාලයේ තිබූ බවද ඔහු කියයි. දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා වත්මන් අධිකරණ වෛද්‍ය නිලධරයා ඇතුළු පිරිසක් ඔහුගේ සිරුර ගොඩගත් බවත් තමා යටතේ තමාගේ දෙවැනියා ලෙස සේවය කළ වත්මන් අධිකරණ වෛද්‍ය නිලධරයා පරිපාලන කටයුතු සම්බන්ධයෙන් නිරන්තරයෙන්ම එකඟ නොවූ බවත් මහාචාර්ය සමරසේකර කියයි.
වත්මන් අධිකරණ වෛද්‍ය නිලධරයා තමාට එරෙහිව අවස්ථා කිහිපයකදීම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකට අසත්‍ය චෝදනා ඉදිරිපත් කළ බවත් වෙනත් වෛද්‍යවරුන් එම චෝදනා අසා සිටි බවත් ඔහුගේ ලිපියේ දැක්වේ.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.