FAST NEWS

24×7 Around the Globe

නීති විරෝධී ආභරණ තොගයක් සමග නෝර්වීජියානුවන් 02ක් අත්අඩංගුවට..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නීති විරෝධීව ස්වර්ණාභරණ තොගයක් ලංකාවට රැගෙන ආ නෝර්වීජියානු ජාතික පියෙකු හා පුතෙකු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම ස්වර්ණාභරණ තොගයේ වටිනාකම රුපියල් එක් කෝටි දස ලක්ෂයක් පමණ බව වාර්තා වේ.
මෙම සැකකරුවන් විසින් ඇඳගෙන පැමිණි කලිසම්වල ඉන ප්‍රදේශයේ මෙම මාල, වළලු සහ මුදු අඩංගු කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 825ක් බර ස්වර්ණාභරණ තොගය සගවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
එරට ප්‍රමුඛ පෙළේ ස්වර්ණාභරණ සාප්පු හිමියෙක් වන පියා 55 හැවිරිදි අයෙක් බවත් පුත්‍රයා 18 හැවිරිදි අයෙක් බවත් වාර්තා වෙයි.
එ අනුව මෙම ස්වර්ණාභරණ තොගය රාජසන්තක කර, මොවුන් දෙදෙනාට රුපියල් ලක්ෂ 06 ක මුදලක් දඩ මුදල් ලෙස ගෙවන ලෙසට නියෝග කර තිබේ.