FAST NEWS

24×7 Around the Globe

කොස්වත්තේ සිද්ධියට 31 ක් අත්අඩංගුවට..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – පුත්තලම් දිස්ත්‍රිකක්යේ කොස්වත්ත පොලිස් වසම තුළ පසුගිය දිනවල ඇතිවූ ගැටුම්කාරී​ සිද්ධීන්ට සම්බන්ධව ප්‍රශ්න කිරීම පිණිස අද (15) උදෑසන වනවිට පුද්ගලයින් 31 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් පිරිස අද (15) මාරවිල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ප්‍රදේශයේ හටගත් ගැටුම් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් කර වාර්තාවක් ලබා ගැනීම පිණිස වෙන්නප්පුව පොලිස් අධිකාරි සහ හලාවත සහකාර පොලිස් අධිකාරි මහත්වරුන්ගේ සමන්විත කමිටුවක් පත් කර ඇති බවත් පැවසේ.
ඒම කමිටුවේ පරීක්ෂණ අනුව මෙම අත්අඩංගුවට ගැනිම සිදු කර ඇති බවත් කියැවේ.

මෙම සිද්ධියෙන් එක් පුද්ගලයකු මිය ගොස් තවත් පුද්ගලයෙක් තුවාල ලබා තිබු බවත් අතර නිවාස 06 කට හානි සිදුව ඇති බවට වාර්තා විය.