FAST NEWS

24×7 Around the Globe

දිස්ත්‍රික්ක කීපයක ඩෙංගු රෝගීන්ගේ ඉහළ යෑමක්…

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාසල්වල මදුරුවන් බෝවීමට 48 % ක ප්‍රවණතාවක් මේ වනවිට පවතින බවත් , පසුගිය සති කිහිපය තුළ දිස්ත්‍රික්ක කිහිපයක ඩෙංගු රෝගීන් වාර්තා වීමේ ඉහළ යාමක් දක්නට ලැබුණු බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කරයි.
මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඩෙංගු මර්දන විශේෂ ක්ෂේත්‍ර වැඩසටහනක් ක්‍රියාත්මක අතර, යාපනය, කුරුණෑගල සහ කෑගල්ල දිස්ත්‍රික්කවල මදුරුවන් බෝ වීමේ හැකියාව ඇති අවධානම් ස්ථාන 30% ට වඩා පවතින බවයි එම ඒකකය නිවේදනය කළේය.