FAST NEWS

24×7 Around the Globe

ටී.අයි.ඩී ය සී.අයි.ඩී ය යටතට..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතට පත් කර ඇති බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග පවසයි.
වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයේ අවශ්‍යතාව මත වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් මෙම තීරණය ගෙන ඇති බවද පැවසේ.
මීට පෙර ද ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ පැවති අතර පසුව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් එම කොට්ඨාශය ඔහු යටතට පවරාගෙන තිබුණි.