FAST NEWS

24×7 Around the Globe

සබරගමුව විශ්වවිද්‍යාලයේ සියලු පීඨ 21 වැනිදා ආරම්භ වේ..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – සබරගමුව විශ්වවිද්‍යාලයේ සියලු පීඨවල අධ්‍යයන කටයුතු ලබන 21 වනදා සිය යළි ආරම්භ කරන බව එහි පාලනාධිකාරීය පවසයි.
ඒ අනුව ලබන 20 වනදා වන විට සියලු සිසුන් නේවාසිකාගාර වෙත පැමිණිය යුතු බව එම විශ්වවිද්‍යලයේ ලේඛකාධිකාරි වී.ඒ කිත්සිරි මහතා පැවසීය.
මේ අතර පවතින ආරක්ෂක තත්ත්වය හේතුවෙන් 20 දා පෙර කිසිදු සිසුවෙක් හෝ සිසුවියක් විශ්වවිද්‍යලයේ තුළට බාර නොගන්නා බවද හෙතෙම කියයි.