FAST NEWS

24×7 Around the Globe

ව්‍යාජ වීසා මත රැදී සිටි බංග්ලාදේශිකයන් 12 ක් අත්අඩංගුවට…

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – ආගමන හා විගමන දෙපාර්තමේන්තු නිළධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී ව්‍යාජ නේවාසික වීසා මත ශ්‍රී ලංකාවේ රැදී සිටි බංග්ලාදේශ ජාතිකයින් 12 දෙනෙකු මල්වාන සහ කිරිබත්ගොඩ යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇත.
මල්වාන ප්‍රදේශයේදී ව්‍යාජ නේවාසික වීසා මත මෙරට රැදී සිටි බංග්ලාදේශ ජාතිකයින් තිදෙනකු අත්අඩංගුවට ගත් අතර , ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී සපුගස්කන්ද සහ කිරිබත්ගොඩ යන ප්‍රදේශවලදී තවත් බංග්ලාදේශ ජාතිකයින් 09 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.
ව්‍යාජ නේවාසික වීසා මත මෙරට රැදී සිටියදී අත්අඩංගුවට විදේශිකයින් පිරිසක් අත්අඩංගුවට ගත් පළමු අවස්ථාව මෙය බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.
මෙම පිරිස මේ වන විට මිරිහාන රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටින අතර , අත්අඩංගුවට ගත් පිරිස අවුරුදු 20 – 30ත් අතර වයසේ පසුවෙයි.