FAST NEWS

24×7 Around the Globe

ආරක්ෂාව තහවුරු කිරීමට හෙලිකොප්ටර් යානා යොදවයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පවතින තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සදහා ක්‍රියාමාර්ග රැසක් දිවයින පුරා ක්‍රියාත්මක කරමින් පවතින බව ගුවන්හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කැප්ටන් ගිහාන් සෙනෙවිරත්ත මහතා පවසයි.
මෙහිදී ජනතාව අතර , නීතිය හා සාමය සුරැකීම සඳහාත් ආරක්ෂක ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කෙරෙනු ඇත.
දෛනික රාජකාරියක් වශයෙන් ගුවන් හමුදාව මහින් කොළඹ , කටුනායක , රත්මලාන යන ප්‍රධාන කොට්ඨාශ තුනෙහි සහ පාලවිය, සීගිරිය, මොරවැව ,මීරිගම සහ දියතලාව යන උප කොට්ඨාශයන්හි පාසල්වල දරු දැරියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා භට පිරිස් යොදවා ඇති බව ඒ මහතා කළ නිවේදනයේ සඳහන්වේ.
එවැන් කඩාකප්පල්කාරී ක්‍රියා සිදුකරන්නන් සම්බන්දයෙන් විමර්ශන කටයුතු සඳහා හෙලිකොප්ටර් යානා දිවා රාත්‍රී ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බවද ඒ මහතා පවසයි.
මෙහිදී වැරදිකරුවන්ට දඬුවම් ලබා දෙන බවද ගුවන්හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.