FAST NEWS

24×7 Around the Globe

බී.සී ආකෘති පත්‍ර බෙදාහැරිමේ කටයුතු අද (15) සිට..

(ෆාස්ට් නිව්ස් –  කොළඹ ) – 2019 වසර සදහා වන ඡන්දහිමි නාමලේඛන බී.සී ආකෘති පත්‍ර බෙදැහැරිමේ කටයුතු අද (15) සිට ආරම්භ වන බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය සදහන් කරයි.
බී.සී ආකෘති පත්‍ර ලබන මස පළමු වනදා සිට එකතු කිරිමේ කටයුතු සිදු කිරිමට  නියමිතය.
මෙවර බී.සී ආකෘති පතුය සමග තවත් ලේඛනයක් ජනතාවට සම්පූර්ණ කිරිම සදහා ලබාදෙන බව එම කාර්යාලය පවසයි.
අවුරුදු 16ත් 18ත් අතර වයසේ පසුවන්නන් සම්බන්ධයෙන් එම ලේඛනයේ තොරතුරු ඇතුළත් කළ යුතු බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය සදහන් කරයි.
එමෙන්ම අදාල ලේඛනයේ ආබාධිත පුද්ගලයින් සම්බන්ධයෙන් වන තොරතුරු  ද ඇතුළත් කළ යුතුය.