FAST NEWS

24×7 Around the Globe

කොච්චිකඩේ ප්‍රහාරකයාගේ ඩි.එන්.ඒ සසැදෙයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) -කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය තුළ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරය එල්ල කළ අලව්දීන් අහමඩ් මුආත් නමැත්තාගේ ඩී.එන්.ඒ වාර්තා ඔහුගේ දෙමාපියන්ගේ ඩී.එන්.ඒ සමඟ සැසදෙන බවට අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා අද (14) කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය ඉදිරියේ වාර්තාවක් මගින් දැනුම් දී තිබේ.
එසේම  මරණකරුගේ හිස කොටස තම පුත‍්‍රයාගේ බවට අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේදී තමන් හඳුනාගත් බව අලව්දීන් අහමඩ් මුආත් නැමැත්තාගේ දෙමව්පියන් අද (14) අධිකරණය හුමවේ පිලිගෙන තිබේ.
මෙම සිද්ධියට අදාළ මහේස්ත‍්‍රාත් මරණ පරීක්ෂණය අද අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය