FAST NEWS

24×7 Around the Globe

අද (14 ) රාත්‍රි 09 සිට දිවයිනටම ඇඳිරි නීතිය

(ෆාස්ට් නිව්ස් –  කොළඹ) – අද (14) රාත්‍රී 9.00 සිට හෙට අලුයම 4.00 වන තෙක් මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරිනීතිය පැනවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
ගම්පහ පොලිස් කොට්ඨාසයට පැනවූ ඇඳිරිනීතිය අද (14) රාත්‍රී 07 සිට හෙට (15) උදෑසන  6.00 වන තෙක් බල පැවැත්වේ.
එසේම වයඹ පළාතට අද (14) පස්වරු 06 සිට හෙට (15) පෙරවරු 06 දක්වා ඇඳිරි නිතීය පනවා තිබේ.