(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (14) පෙරවරුවේ පඩුවස්නුවර කොටඹපිටිය, කුලියාපිටිය , කරන්තිප්පොළ ප්‍රදේශවල නිරික්ෂණ චාරිකාවක නිරත විය.
මේ අවස්ථාවට රාවුෆ් හකීම් , කබීර් හෂීම් , රවී කරුණානායක සහ අකිල විරාජ් කාරියවසම් යන අමාත්‍යවරුන් හා ආරක්ෂක අංශ ප්‍රධානිහු ද එක්ව සිටියහ.
එහිදි අග්‍රාමාත්‍යවරයා කොටන්පිටිය මුස්ලිම් දේවස්ථානය නිරීක්ෂණය කිරීමට ද එක්විය.
අග්‍රාමාත්‍යවරයා ප්‍රදේශයේ ජනතාව සමග සුහද කතාබහක ද නිරත විය.










