FAST NEWS

24×7 Around the Globe

අගමැතිට එරෙහිව පොලිස් මුලස්ථානයට පැමීණිල්ලක්..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – පසුගිය පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සිය වගකීම පැහැර ඇති බව පවසමින් ඒ මහතාට එරෙහිව ජාතික සංඝ සම්මේලනය විසින් අද (14) පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීය.
පාස්කු දා ප‍්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු දැන සිටියත් ඒ පිළිබඳ ක‍්‍රියා නොකිරීම, ආණ්ඩුව පිළිබඳ තමන්ගේ වගකීම පැහැර හැරිම ආදී කරුණු රැසක් මුල්කර ගනිමින් මෙම පැමිණිල්ල ගොනු කර ඇති අතර මෙම චෝදනා සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන නීතිය ක‍්‍රියාත්මක කරන ලෙස එමගින් ඉල්ලා තිබේ.