FAST NEWS

24×7 Around the Globe

මිනුවන්ගොඩ කලහකාරීව හැසිරුණු 09 දෙනෙක් රිමාන්ඩ්…

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – මිනුවන්ගොඩ ප්‍රදේශයේ කලහකාරී ලෙස හැසිරෙමින් සිටියදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 13 දෙනා අතරින් 09 දෙනෙකු ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් කේසර සමරදිවාකර මහතා නියෝග කරනු ලැබීය.
හදිසි අවස්ථා රෙගුලාසි මෙන්ම සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ පනතේ ප්‍රතිපාදන උල්ලංඝනය කිරීම ඇතුලු චෝදනා කිහිපයක් යටතේ මෙම සැකකරුවන් අද (14) අධිකරණයට ඉදිරිපත් කළේය.
අත්අඩංගුවේ පසුවන අනෙක් සැකකරුවන් 04 දෙනා අද පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.