(ෆාස්ට් නිව්ස් – කොළඹ ) – මිනුවන්ගොඩ නගරයේ වෙළඳසැල් කිහිපයකට පහරදී අලාභ හානි කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 13දෙනෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර උතුර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මාධ්‍ය වෙත පැවසීය.
ඊයේ (13) රාත්‍රියේ කඩාකප්පල්කාරි ලෙස මිනුවන්ගොඩ නගරයේ හැසිරුණු එම පිරිස විසිරුවා හැරීමට පොලිසිය එහි ගොස් කටයුතු කළේය.








