FAST NEWS

24×7 Around the Globe

නාමල් කුමාර සී.අයි.ඩී අත්අඩංගුවට..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
වරකාපොළ පොලීසියට පැමිණිල්ලක් ගොනු කිරිම සඳහා පැමිණි විට ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවත් පැවසේ.
හෙට්ටිපොල ඇතිවූ නොසන්සුනාකාරී තත්ත්වයේදී නාමල් කුමාර සිටින දර්ශනද මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය.
නාමල් කුමාර අත්අඩංගුවට ගැනිමට වරකාපොළ පොලීසිය සොයමින් සිටි බවද පැවසේ.